Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වීම ගැන යළිත් විමසා බැලීමට යයි

 ‪සිසුන් සාමාන්‍ය ලෙස පාසල් වෙත ගෙන්වා ගැනිමට ඇති හැකියාව පිළිබඳ විමසා බැලීම සඳහා වන සාකච්ඡාවක් අද(25) පැවැත්වීමට නියමිතය.
 
ඒ, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සහ සෞඛ්‍යය බලධාරීන් අතරයි.
 
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ළමුන් 200 ට වඩා අධ්‍යාපනය ලබන පාසල්වල සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවයි.
 
ලබන මස පළමු වැනිදා සිට පාසල් කාලය උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා පැවැත්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවදානය යොමු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේය.
 
කොරෝනා වංසගතයත් සමග වසා දැමුණු පාසල් යළි විවෘත කෙරුණ ද ඇතැම් පාසල්වල සිසුන් මේ දිනවල ගෙන්වා ගනු ලබන්නේ සතියට දින කිහිපයක් පමණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();