Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාවික හමුදාපති හා වැඩබලන පොලිස්පති අතර හමුවක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඊයේ (26) පොලිස් මූලස්ථානයේදී ශ්‍රී ලංකා පොලීසියේ වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා හමුවිය.
 
පොලිස් මූලස්ථානය වෙත නාවික හමුදාධිපති තුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගත් වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා, අභිනව නාවික හමුදාධිපති තුමන් වෙත සිය සුභාශිංසන පිරිනමන ලදි. 
 
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසුව වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, පොලිස් මූලස්ථානයේ සංචාරයක නිරත වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එහිදී පොලිස් ඇණි තුනකින් සමන්විත සම්මාන ආචාර මුරයක් මගින් නාවික හමුදාධිපති තුමන් වෙත උත්තමාචාරය පුද කෙරිණි.
 
මෙම හමුවේදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරතවීමෙන් පසු මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමන් සහ වැඩබලන පොලිස්පති අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();