මැදපෙරදිග සිට මෙරටට පැමිණි පුද්ගලයින් 67 දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පසුව පසුගියදා(26) තම නිවෙස් වෙත පිටව යන ලදි.
මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතගේ උපදෙස් මත සියලු පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබයි.
ඉරණමඩු ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරි ගෘෘප් කැප්ටන් රොහාන් පතිරණ ඇතුළු කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ මෙම නිරෝධායන කටයුතු සිදු කෙරේ.

0 Comments