Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලක්ෂ 22ක මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී අල්ලයි

කුෂ් නැමැති ගංජා පාර්සල් 03 ක් ලෙස සකස් කර අමෙරිකා එක්සත් ජනපදයේ සිට කටුනායක ගුවන් තොටුපළ ගුවන් පාර්සල් මුදා ගැනීමේ මධ්‍යස්ථානය වෙත එවා තිබිය දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් බාරයට ගෙන තිබේ.
 
මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 22ක් පමණ වන බව ගණන් බලා ඇත.
 
එම කුෂ් නැමැති ගංජා තොගය ඊයේ(20) රේගුව බාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
 
බිස්කට් පැකැට්ටුවක සහ ජංගම දුරකථනයක හැඩයෙන් යුතු විෂබීජහරණ උපකරණ සේ පෙනෙන අයුරින් මෙම ගංජා පාර්සල් කටුනායකට එවා තිබුණේ රේගු අවධානය වෙනතකට යොමු කිරීමේ අදහසින් බව රේගුව අනාවරණය කර ගෙන තිබේ.
 
එම ගුවන් පාර්සල් බාරගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකු කටුනායක ගුවන් පාර්සල් මුදා ගැනීමේ මධ්‍යස්ථානය වෙත පැමිණ නොමැති බව ද වාර්තා වේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();