09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ලබන 20 වැනිදා පැවැත්වෙන චාම් අයුරින් අභිමානවත්ව පැවැත්වීමට තීරණය කර ඇත.
ඒ , ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි.
මෙවර පළමු පාර්ලිමේන්තු සැසි වාරයේදී ජනාධිපතිවරයා පිළිගැනීමට මීට පෙර පැවති සැමරුම් කිසිවක් සිදු නොවන බව වාර්තා වෙයි.
ඒ අනුව පළමු පාර්ලිමේන්තු සැසි වාරයකදී පැවැත්වෙන හමුදා උත්තමාචාර සහ අශ්වාරෝහක පෙළපාලි මෙවර පැවැත්වෙන්නේ නැහැ.
ජනාධිපතිවරයා පිළිගැනීමේදී ජය මංගල ගාථා පමණක් ගායනා කිරීම සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

0 Comments