ඉපැරණි ගොඩනැගිල්ලක් විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුලු 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබේ.
ඔවුන් අත්අඩංගුවට ගැනීම අද(25) දක්වා වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ නියෝගයක් නිකුත් කරනු ලැබීය.
මෙම නියෝගය අතුරු තහනම් නියෝගයක් ලෙස අද ලබාදී තිබෙනවා. ඒ එච් එම් ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබේ.
කුරුණෑගල බුවනෙක හෝටලය ලෙස හැඳින්වූ ඉපැරණි ගොඩනැගිල්ල විනාශ කිරීමේ සිද්ධියට අදාළව නගරාධිපතිවරයා ඇතුලු 05 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 05 වනදා වරෙන්තු නිකුත් කරන ලදි.
ඊට එරෙහිව නීතිපතිවරයා ඇතුලු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම් ගොණු කර තිබුණි.

0 Comments