ලොව පුරා මේ වන විට නැවතත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහළ මට්ටමකට ළගා වෙමින් පවතියි
මේ වන විට ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට මිලියනය ඉක්මවා ඇති බව වාර්තා වෙයි
එය දස ලක්ෂ පන්දහස් හයසිය තිස් හතක් (1,005,637) ලෙස වාර්තා වෙයි
මේ වන විට ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 25,609 ක් ලෙස වාර්තා වෙයි
ගත වූ පැය 24 තුළ දී මරණ 680 ක් පමණ ඉන්දියාවෙන් වාර්තා වෙයි
ඊයේ (16) දිනය වන විට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි
එය මරණ 1299 ක් ලෙස වාර්තා වෙයි
බ්‍රසීල ජනපති ජයර් බොල්සොනාරෝට ද දෙවනවරටත් කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (16) වාර්තා විය

0 Comments