Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ත්‍රීරෝද රථයකට වෙඩි තබයි.

අනුරාධපුර   පුත්තලම මාර්ගයේ රාජාංගනය 27 හන්දිය ආසන්නයේ දී පොලිස් අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලීසිය විසින් වෙඩි තබා තිබේ.

මෙම ප්‍රදේශයේ පොලිස් කොට්ඨාශ යතුරුපැදි ඒකකයේ නිලධාරීන් විසින් නොච්චියාගම සිට රාජාංගනය දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයකට නැවැත්වීමට සංඥා කර අවස්ථාවේ දී ත්‍රීරෝද රථය අණ නොතකා ධාවනය කර ඇති අතර එහිදී පොලීසිය විසින් ත්‍රීරෝද රථයට වෙඩි තබා තිබේ. වෙඩි ප්‍රහාර මැද ත්‍රීරෝද රථය පලාගොස් ඇති අතර අනතුරුව ත්‍රීරෝද රථය අතුරු මාර්ගයක තිබී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එය පරීක්ෂා කිරීමේදී එහි කිසිදු පුද්ගලයෙකු නොසිටි බව පොලීසිය පවසයි.

ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයින් කිසියම් අපරාධයක් සිදුකිරීමට හෝ සිදුකර පලායමින් සිටි  පුද්ගලයින් ද යන්න පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

The post ත්‍රීරෝද රථයකට වෙඩි තබයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();