Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ළූණු අස්වැන්නට ස්ථාවර මිලක් දෙන්නැයි ජනපතිට ඉල්ලීමක්

වෙළෙඳ පොළට සැපයීමට අපේක්ෂිත ළූණු අස්වැන්නට ස්ථාවර මිලක් දෙන්නැයි ගොවීහු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටියි. 
 
මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එළෙඹෙන මහමැතිවරණ ජය තහවුරු කිරීම සඳහා  අද(10) ගලේවෙල ළමා උද්‍යානය අසළ සංවිධාන කර තිබූ ජන හමුවකට ජනාධිපතිතුමා සහභාගී වූ අවස්ථාවේ මෙම ඉල්ලීම ඉදිරිපත් විය. 
 
එහිදී ජනාධිපතිතුමා පෙන්වා දෙන ලද්දේ ගම්මිරිස් වගාකරුවන්ගේ අස්වැන්නට ඉහළ මිලක් ගැනීමට අගය එකතු කිරීමේ ක්‍රමවේදයකට යොමුවීමේ වැදගත්කම ය.
 
‍මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම ජන හමුව සංවිධාන කර තිබුනි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();