Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සොල් නගරාධිපතිගේ මළ සිරුර හමුවෙයි

10 ජූලි, 2020

අතුරුදන්ව සිටි දකුණු කොරියාවේ අගනුවරවන සොල් හි නගරාධිපතිවරයාගේ මළ සිරුර හමුවූ බව කොරියානු පොලිසිය නිවේදනය කරයි.

ඊයේ (09) දිනයේදී නගරාධිපති පාර්ක් වොන් සූන් අතුරුදන් වී ඇති  බව කොරියානු මාධ්‍යය සදහන් කර තිබුනි.

ඔහු නිවසින් පිටවීමට ප්‍රථම තම දියණිය වෙත පණිවිඩයක් තබා ඇති බව පොලිසිය සදහන් කරයි.

ඔහු අවසන්වරට ජංගම දුරකතනය භාවිතා කළ ස්ථානය ආසන්නයෙන් නගරාධිපතිවරයාගේ මෘත දේහය හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව උතුරු සෝල් හි වනාන්තර කඳුකර ප්‍රදේශයක තිබී මෘත දේහය හමුව තිබේ.

කෙසේ වුවද ඔහුගේ මරණයට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.

නගරාධිපතිවරයා අතුරුදන් වීමට පැය කිහිපයකට පෙර ඔහු යටතේ සේවය කළ සේවිකාවක් විසින් නගරාධිපතිවරයාට විරුද්ධව ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද කර තිබුනි.

 



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();