Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් නාකොටික් නිලධාරියෙක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සේවය කළ තවත් පොලිස් කොස්තාපල්වරයෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
 
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහය දැක්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශණයට අදාලව එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
 
ඊයේ (07) රාත්‍රියේ රාගම ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
 
මෙම විමර්ශණය යටතේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අනුයුක්ත නිලධාරින් සංඛ්‍යාව 17කි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();