
රාජ්‍ය සේවකයෝ තමයි, මේ ආණ්ඩුවෙන් වැඩිපුරම අගතියට පත් වෙච්ච පිරිස. හැම දවසෙම ආණ්ඩුවේ ඇමතිවරු, රාජ්‍ය නිලධාරීන්ට බනිනවා. කිසිම සම්බන්ධයක් නැති වැඩවලට, කරපු නැති වැරදිවලට බැණුම් අහනවා. ආණ්ඩුවේ නොහැකියාව වහගන්න තියෙන එකම ක්‍රමය රාජ්‍ය නිලධාරීන්ට බනින එක යැයි මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පැවසුවාය. පසුගියදා රත්තොට පැවති රැස්වීමක් අමතමින් ඇය තවදුරටත් පැවසූවේ, මේ ආණ්ඩුවට බලය දුන්නොත් ඡන්දෙන් පස්සේ ආයෙත් රාජ්‍ය සේවකයා ගස් බදින, ගුටිකන යුගය උදාවන බව අමතක නොකළ යුතු බවයි.
The post මේ ආණ්ඩුව ආපු දවසේ ඉදන් උදේ හවස රාජ්‍ය සේවකයින්ට බනිනවා. appeared first on Lanka News Column.
0 Comments