බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් ඌව පැල්වත්ත උඩාරාව මුරුංගාවත්ත පාලම ආසන්නයේ තිබි මියගිය තරුණයෙකුගේ මළ සිරැරක් බුත්තල පොලිසිය විසින් අද (09) උදෑසන සොයා ගන්නා ලදි.
ප්‍රදේශවාසින් විසින් කල දැනුම්දිමකට අනුව මෙම මරණය සොයාගත් අතර මෙසේ මියගොස් ඇත්තේ ඌව පැල්වත්ත හොරබොත්ත මල්ගස්යාය ලිපිනයේ පදිංචි 29 හැවිරදි තරුණයෙකු වන මධුශංක ලලිත් කුමාර නැමති අයෙකි.
ඔහු පැමිණි යතුරුපැදිය ඒ ආසන්නයේ තිබි හමුවි ඇති අතර මියගොස් ඇති ආකාරය සම්බන්ධයෙන් පරික්ෂණ බුත්තල පොලිසිය විසින් ආරම්භ කර තිබේ .
මරණය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු බුත්තල පොලිසිය සිදුකරයි .
වැල්ලවාය විශේෂ ජි. අයි. ආර්. ගරුසිංහ

0 Comments