Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාසල් රථවලට අනන්‍ය වර්ණයක්

මෙරට පාසල් දරුවන් ප්‍රවාහනය කෙරෙන වාහන සඳහා කහ වර්ණය අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඉදිරියේ දී පාසල් සිසු දරුවන් ප්‍රවාහනය සඳහා ආනයනය කෙරෙන වාහන කහ වර්ණයෙන්ම පමණක් ආනයනය කිරීමට තීරණය කර ඇත.

ඊයේ පස්වරුවේ (07) ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ පාසල් සිසුන් ප්‍රවාහනය කෙරෙන වාහන සංගම් හා පොලිස් නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊට පොලිස් නිලධාරින් මෙන්ම සිසුන් ප්‍රවාහනය කෙරෙන සංගම්වල නියෝජිතයින් ද එකඟත්වය පළ කර ඇත.

මාර්ග තුළ විනය පවත්වාගෙන යාම සඳහා මෙම තීරණය හේතුවන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();