Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නුගේගොඩ සිදුවූ රිය අනතුරකින් හමුදා සෙබළෙක් මරුට

නුගේගොඩ ගුවන් පාලම මතදී අද (20) උදෑසන යුද හමුදා කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
 
මෙම අනතුරින් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
 
කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී පනාගොඩ දෙසට ගමන් කරමින් තිබූ යුද හමුදා කැබ් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව සදහන් වේ. 
 
යුද හමුදා කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ සෙබළා අනතුරින් මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.
 
තුවාල ලැබූ තවත් හමුදා සෙබලුන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();