කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් රට තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තාවිමත් සමග රජය විසින් නිවාඩු දින ප්‍රකාශයට පත්කිරිමට හා ඇඳිරි නීතිය පැණවිමට කටයුතු කරන බවට පැතිර යන ප්‍රකාශ අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් පාර්ශව විසින් එම අසත්‍ය ප්‍රකාශ අඛණ්ඩව සමාජගත කරමින් සිටින බවට නිරික්ෂණ වී ඇත.
කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් රට තුළ ඇති වූ නව වෛරස ආසාදිත ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාවට නංවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඒ බැවින් රජය විසින් මේ දක්වාත් නිවාඩු දින ප්‍රකාශයට පත්කිරිමට හෝ ඇඳිරි නීතිය පැණවිම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සඳහන් කළේය.
මෙවැනි අසත්‍ය ප්‍රචාර සමාජ ගත කරමින් සමාජය තුළ අනවශ්‍ය කැළඹිමක් ඇති කිරිමට කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස රජය අදාල අංශ වෙත උපදෙස් ලබාදී ඇත.
එබැවින් යම් පුද්ළයෙකු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු බවට තහවුරු වුවහොත්, ඒ බව සහ එම තත්ත්වය සම්බන්ධයෙන් රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග හා සමාජ දැනුවත් විය යුතු සියලු කරුණු පිළිබඳ නිල තොරතුරු ක්ෂණිකව ජනතාව වෙත දැනුම් දීමට කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
0 Comments