Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එංගලන්තයට එරෙහිව අයර්ලන්තයෙන් නවකයෝ දෙදෙනෙක්

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා අයර්ලන්ත සංචිතය නම් කිරීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

ඇන්ඩි බැල්බර්නිගේ නායකත්වය යටතේ ක්‍රීඩකයන් 21 දෙනකුගෙන් සමන්විත මේ සංචිතයට නවක ක්‍රීඩකයන් දෙදෙනෙක් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

19 හැවිරිදි ජොනතන් ග්‍රාත් සහ සහ 21 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක කර්ටිස් කැම්පර් මෙලෙස පළමු වරට අයර්ලන්ත ජාතික කණ්ඩායමට නම් කර තිබේ. ස්ටුවර්ට් තොම්සන්, ෂෙන් ගෙට්කේට් සමඟ ආබාධයකට ලක්ව සිටි ඩේවිඩ් ඩෙලනි මේ සංචිතයට එක් කර නැත. කෙසේ වෙතත්, ඉදිරියේදී මේ සංචිතය ක්‍රීඩකයන් 14 දෙනකු දක්වා අඩු කිරීමට නියමිතය.

මේ මස 18 වැනිදා සවුත්හැම්ප්ටන් බලා යන අයර්ලන්ත කණ්ඩායම 26 වැනිදා එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ පුහුණු තරගයකට එක් වීමට නියමිතය. දෙරට අතර තරග 3කින් සමන්විත තරගාවලිය මේ 30 වැනිදා ආරම්භ වන අතර, දෙවැනි තරගය අගෝස්තු 1 වැනිදාත්, තෙවැනි සහ අවසන් තරගය 4 වැනිදාත් පැවැත්වීමට නියමිතය.

අයර්ලන්ත සංචිතය - ඇන්ඩි බැල්බර්නි (නායක), මාර්ක් ඇඩෙයාර්, කර්ටිස් කැම්පර්, පීටර් චේස්, ගරෙත් ඩෙලනි, ජෝර්ජ් ඩොක්‍රර්ල්, ජොනතන් ග්‍රාත්, ටිරෝන් කේන්, ජොෂ් ලිට්ල්, ඇන්ඩෘ මැක්බ්‍රීන්, බැරී මැකාති, ජේම්ස් මැකෝලම්, කෙවින් ඕ බ්‍රයන්, විලියම් පෝටර්ෆීල්ඩ්, බොයිඩ් රැන්කින්, සිමි සිං, පෝල් ස්ටර්ලිං, හැරී ටෙක්ටර්, ලෝර්කන් ටකර්, ගැරී විල්සන්, ක්‍රේග් යන්ග්.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();