මහ මැතිවරණයට අදාළ ව පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරිම අද (16) හා හෙට (17) සිදුකෙරෙයි.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන පරිදි අද පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වාත් හෙට පෙරවරු 09.00 සිට පස්වරු 02.00 දක්වා ත් තැපැල් ඡන්ද සලකුණු කිරිම සිදු කෙරෙයි.
මහ මැතිවරණය ට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරිම පසුගිය 13 වන දින ආරම්භ විය.
අදාළ දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට එළඹෙන 20 සහ 21 යන දිනවල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී තැපැල් ඡන්ද සලකුණු කිරිමේ අවස්ථාව හිමි වන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි
කොරෝනා වසංගතය හේතුවෙන් නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරිම සඳහා අගෝස්තු මස 04 වන දින අවස්ථාව ලබාදීමට ද තීරණය කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සදහන් කරයි

0 Comments