බන්ධනාගාර ගතකර සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් 12 දෙනා ගැන අද (14) ස්වාධීන සාක්ෂිකරුවන් හතර දෙනකු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශ ලබා දී ඇත.
 
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නිල මැදිරිය තුළ මෙම ප්‍රකාශ සටන් කර ගැනීම සිදුකර තිබේ. 
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.