Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාධ්‍යවේදීන් 3ක් ගැන විමර්ශන.

විදේශගත  මත්කුඩු ජාවාරම්කරුවන්ගේ කොන්ත‍්‍රාත්තුවකට අනුව මෙරට ආරක්‍ෂක සහ බුද්ධි අංශ අඩපණ වන සේ ඔත්තුකරුවන්ගේ සුළමුල හෙළි කරමින් ප‍්‍රවෘත්ති පළ කර මුදල් ඉපයූ බව කියන මාධ්‍යවේදීන් දෙදෙනකු සහ මාධ්‍යවේදිනියක පිළිබඳ  විමර්ශනයක් අරඹා තිබේ.

පොලිස් විශේෂ කණ්ඩායමක් මගින් දීර්ඝ කාලීනව සිදුකළ අධීක්‍ෂණයක් මත  මොවුන් සම්බන්ධයෙන් මේ වන විට වැඩබලන පොලිස්පතිවරයා වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇත.

අදාළ විමර්ශනයට අනුව එකී මාධ්‍යවේදීන් තිදෙනා පාතාලය සහ මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් ලියන ලද ලිපි සහ පුවත් පිළිබඳ දීර්ඝ ලෙස අධීක්‍ෂණය කිරීමටද  විමර්ශනය සිදුකළ නිලධාරීන් කටයුතු කර තිබේ.

The post මාධ්‍යවේදීන් 3ක් ගැන විමර්ශන. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();