Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සීපීඑල් අගෝස්තු 18දා ඇරැඹේ

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ලබන අගෝස්තු 18 වැනිදා ආරම්භ කිරීමට දින නියම කරයි.

තරග 33කින් සමන්විතව 8 වැනි වරට පැවැත්වෙන මේ තරගාවලිය සැප්තැම්බර් මස 10 වැනිදා නිමාවට පත්වීමට නියමිත අතර, සියලු ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝහිදී පැවැත්වේ.

තරගාවලියට එරට බලධාරීන්ගේ අනුමැතිය හිමිව ඇති අතර, සියලු තරග කොරෝනා නීතිරිතී යටතේ ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් තොරව පැවැත්වෙනු ඇත.

කොරෝනා වසංගතයෙන් පසු කොදෙව් ක්‍රිකට් ආයතනය තරග ආරම්භ කරමින් පළමු වරට දහයයි10 ක්‍රිකට් තරගාවලියක් පැවැත්විය. ‘වින්සි ප්‍රිමියර් ලීග් දහයයි10‘ (VPL) ලෙස කොදෙව් ක්‍රීඩකයන් පමණක් සහභාගි කර ගනිමින් පැවැති තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සෝල්ට් පොන්ඩ් බ්‍රේකර්ස් කණ්ඩායම සමත් විය.

මේ තරගාවලියේ ආරම්භයත් සමඟ කොදෙව්හි දේශ සීමා විවෘත වන අතර, තරගාවලියට එක්වන විදෙස් ක්‍රීඩකයන් ඇතුළු සියලු කණ්ඩායම් සහ නිලධාරීන් එක් හෝටලයක රදවා සති දෙකක නිරෝධායනයකට ලක් කිරීමට සංවිධායකයන් සැලසුම් කර තිබේ. තරගාවලියට එක් වන විදෙස් ක්‍රීඩකයන් ඒ ඒ රටවලින් පිට වීමේදී සහ කොදෙව් වෙත පැමිණීමෙන් පසු කොරෝනා පරීක්ෂණයට ලක් කෙරේ. තරගාවලිය ආරම්භයෙන් පසු සියලු ක්‍රීඩකයන් හා නිලධාරීන් කුඩා කණ්ඩායම් ලෙස වෙනමම රඳවන අතර, කිසියම් කණ්ඩායමක අයකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් එම කණ්ඩායමම දින 14ක් ස්වයං නිරෝධායනයකට ලක් වීමට සිදු වෙයි.

මේ තරගාවලියේ ක්‍රීඩක ලැයිස්තු සකස් කිරීම පසුගියදා සිදු වූ අතර, ඊට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු ඇතුළත් නොවීය. මෙලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු මේ තරගාවලියට එක් නොවූ පළමු අවස්ථාව මෙයයි.

අවසන් වරට පසුගිය වසරේ පැවැති තරගාවලියට ශ්‍රී ලංකාවෙන් විස්සයි20 නායක ලසිත් මාලිංග, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල සාන්ත ලුසියා සොකර්ස් කණ්ඩායම වෙනුවෙන්ද, ඉසුරු උදාන සාන්ත කිට්ස් කණ්ඩායමත්, සීක්කුගේ ප්‍රසන්න ට්‍රිනිබෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කළහ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();