Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“ MCC ගිවිසුම “ අත්සන් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැහැ

වත්මන් රජය විසින් “ MCC ගිවිසුම “ අත්සන් කිරීමට සැරසෙන බවට සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරයවන නමුත් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
 
අද(18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධය හමුවේදී ඇමතිවරයා මේ බව සදහන් කළේය.
 
පසුගිය රජය සමයේ දී මේ සම්බන්ධයෙන් වාර්තාවන් අදාළ විදේශීය සමාගම් වෙත ඉදිරිපත් කර ඇති නමුත් වත්මන් රජය මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අදාළ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ඔහු සදහන් කළේය. කිසිදු රටක් හෝ බහුජාතික සමාගමක් සමඟ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ නීතියට පරිබාහිර වන කිසිදු ගිවිසුමකට හෝ එකඟතාවකට පැමිණීමට වත්මන් රජය කටයුතු නොකරන බව මෙහිදී ප්‍රකාශ විය. 
 
ඒ අනුව මේ සම්බන්ධයෙන් රජයේ පෙර පැවැති ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අවධාරණය කළේය. 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();