Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බ්ලේඩස්ට වාර්තාගත බොක්සිං ජයක්

අමෙරිකානු මිශ්‍ර සටන් කලා බොක්සිං වළල්ලේ නව හෙවිවෙට් වාර්තාවක් බිහි කිරීමට කර්ටිස් බ්ලේඩස් සමත් විය. පසුගියදා ලාස් වේගාස් නුවර පැවැති තරගයකදී ඔහු ප්‍රතිවාදී රුසියානු ක්‍රීඩක ඇලෙක්සැන්ඩර් වොල්කොව් 14 වතාවක්ම බිම දමමින් මේ වාර්තාවට හිමිකම් කීවේ තරගයේ ජයග්‍රහණයත් අත් කරගනිමිනි.

වට 5ක් දක්වා විහිදී ගිය මේ තරගයෙන් 29 හැවිරිදි බ්ලේඩස් තරගය ජයගත්තේ විනිසුරුවන්ගේ ඒකමතික තීරණයකට අනුවය. මීට පෙර වසර 2012 දී කේන් වෙලස්කෝස් ප්‍රතිවාදී ක්‍රීඩක ජූනියර් ඩොස් සන්තෝස් 11 වතාවක් බිම දමමින් එම වාර්තාව පිහිටුවා තිබිණි.

අමෙරිකාවට ආවේනික ක්‍රීඩා ඉසව්වක් වූ මිශ්‍ර සටන් කලා බොක්සිං තරග සඳහා පා පහරවල් ද නීත්‍යානුකූල වන අතර එම ක්‍රීඩා තරග එරට අතිශයින්ම ජනප්‍රිය ක්‍රීඩා ඉසව්වක් බවට පත් වී තිබේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();