Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උද්ඝෝෂණ, විරෝධතා පවත්වන පාර්ශ්වයන් මින් ඉදිරියට නිරෝධායනයට

(බුද්ධිකා ඉඹුලාන)
 
කොරෝනා මර්දනය වෙනුවෙන් රජය පනවා ඇති නීති උල්ලංඝණය කර, අධිකරණ නියෝගද නොතකමින් උද්ඝෝෂණ, විරෝධතා පවත්වන පාර්ශ්වයන්ට මින් ඉදිරියට දින 14ක හෝ 21ක අනිවාර්ය නිරෝධායනයකට යොමු කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය‍.
 
අද(11) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
 
කොල්ලුපිටියේ පැවැති පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය සහ සමාජ ක්‍රියාකාරීන් යැයි කියා ගන්නා පිරිසක් විසින් සංවිධාන කළ උද්ඝෝෂණයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් ද නිරෝධායනය සදහා යොමු කර තිබේ. 
 
එම උද්ඝෝෂකයන්ට පහර දීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ප්‍රමුඛ රජය කිසිසේත් අනුමත නොකරන බවත් මින් ඉදිරියට එවැනි සිද්ධි නොවීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමන් උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා සදහන් කළේය. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();