කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන 14 වැනිදා පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
කොළඹ මහ නගර සභාව විසින් සිදු කරනු ලබන නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ජල නළ පද්ධතිය වැඩි දියුණු කිරිමේ කටයුතු හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුවන බව සදහන් වෙයි.
ඒ අනුව කොළඹ 02 , 03, 07, 08 සහ 10 ප්‍රදේශවලට එම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ලැබෙයි.
එම කාල සීමාව තුළ කොළඹ -1 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි

0 Comments