Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දීය ශ්‍රි ලංකා ක්‍රිකට් සංචාරය කල් යයි

 
ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායම තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ජුනි මාසයේ දී නියමිතව තිබිණි 
 
පවතින තත්ත්වය අනුව  මේ මාසයේදී එය නොපැවෙත්වෙන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කරයි.
 
 කොරෝනා වසංගතයත් සමග මෙම තරග සංචාරය සැලසුම් කළ පරිදි සිදුකළ නොහැකි බව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය දැනුම් දී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
 
මෙම තරඟාවලියට එක්දින තරග 03 ක් සහ පන්දුවාර 20 තරග 03 ක් ඇතුළත්ව තිබිණ 
 
තරගාවලිය අගෝස්තු මාසයේදී පැවැත්වීමට දෙරටේ කි‍්‍රකට් පාලක මණ්ඩලවල අවධානය යොමුව ඇති බවයි වැඩිදුරටත් සදහන් වෙයි
 
කි‍්‍රකට් තරග යළි ආරම්භ කිරීම සඳහා තීරණයක් ගැනීමට පෙර ඒ සඳහා ඉන්දීය රජය සහ සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදිය යුතු බවයි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();