
අසල්වැසි ඉන්දියාව නව කොරෝනා වෛරසය පැතිර පවතින රටවල් ලැයිස්තුවේ සිව්වන ස්ථානයට පැමිණ තිබේ. ඒ, ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 03 ට ආසන්න වෙමින් ඇති පසුබිමක් තුළයි. ඒ අනුව මේවනවිට ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ 98, 283 දෙනෙකු වාර්තා වන්නේ කොරෝනා මරණ 8,501 ක්ද සමගයි.
ගතවූ පැය 24 තුලදී පමණක් ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 11,128 ක් හඳුනාගෙන තිබුණි. ඊයේ දිනයේදී ඉන්දියාවේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 394 ක් ලෙස දැක්වේ.
The post ඉන්දියාව හතර වෙනි ස්ථානයට. appeared first on Lanka News Column.

0 Comments