
සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් ලෙස ගත්තොත් ජනාධිපතිවරයා ඕනෑම ආයතනයක් කැඳවනකොට එය භාර අමාත්‍යවරයාත් කැඳවිය යුතුයි. මොකද මුදල් පනතෙන් විශාල බලතල ලබාදී තිබෙන්නේ ජනාධිපතිවරයාට නෙවෙයි, මුදල් අමාත්‍යවරයාට. එනිසා මුදල් අමාත්‍යවරයා තමයි ඊට අදාළ ගැසට් නිවේදන, නියෝග නිකුත් කළයුතු වන්නේ.
එනිසා මුදල් අමාත්‍යවරයා නැතුව නිලධාරීන් ගෙන්නලා පිප්පීම නම් ඒ තරම් යුක්ති සහගත නෑ කියලා මං කල්පනා කරනවා. සමහරවිට මෙය මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ව්‍යංගයෙන් එල්ල කළ චෝදනාවක්ද කියලා හිතෙනවා. මොකද තමන්ගේ බල අධිකාරීත්වය යටතේ පවතින ආයතනයක් – තමන්ට දැනුවත්ව හෝ නොදැනුවත්වද මා දන්නේ නෑ – කෙසේ හෝ තමන් නැතුව ජනාධිපතිවරයා කැඳවා එයට ප්‍රහාර එල්ල කිරීම බොහෝවිට අමාත්‍යවරයාට ප්‍රහාර එල්ල කිරීමක් ලෙස තමයි සැලකෙන්නේ.
ඉතිං ඔය ගොඩාක් සද්ද අපි දැක්කානෙ එතුමාගෙ රටක් පාලනය කරනවා කියන්නෙ මාධ්‍ය ඔක්කොම කැඳවලා මේ නිලධාරීන්ට තඩිබඩි ගෑම නම් නොවෙන බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතුයි” යනුවෙනුයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
The post ජනාධිපති ගෝඨාභය ගැහුවේ මහබැංකු නිලධාරීන්ට නෙවෙයි මහින්ද රාජපක්ෂට. appeared first on Lanka News Column.

0 Comments