ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අමෙරිකාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23) අලුයම කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
මෙම ගුවන් මගීන් පිරිස අමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට ඍජු ගුවන් ගමන් පහසුකම් නොමැති බැවින් ඔවුන් ඩුබායි ගුවන් තොටුපළ වෙත පැමිණ, එතැන් සිට ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම ද සිදු විය. එහි වාර්තා පැමිණෙන තුරු ගුවන් තොටුපල අවට පිහිටි හෝටල් කිහිපයක ඔවුන් රඳවා තැබේ.

0 Comments