පාසල් සිසුන්ට ලබන වසරේ සිට නිල ඇඳුම් වවුචර්පත් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීමට අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
මේ සඳහා රුපියල් කෝටි 210 ක පමණ මුදලක් වැය වෙතැයි අපේක්ෂා කරන තර නිල ඇදුම් රෙදි, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශ යටතේ ලියා පදිංචි දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ගෙන් පමණක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව සපයා ගැනීමටද තීරණය කර තිබේ.

0 Comments