
එල්ලා මරන්න නියම වූ සිරකරුවන් දුපතකට සිරකරයි..
බරපතළ අපරාධ වලට චෝදනා එල්ල වී මරණ දඬුවම නියම වූ සිරකරුවන් මඩකලපුවේ පිහිටි දූපතක රැඳවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව අධිකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියි .
ලාදුරු රෝගීන් සඳහා කලකට පෙර වෙන් කර තිබූ මඩකලපුව පිහිටි එම දූපත මේ සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසයි .
දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති මෙම දූපත බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පවරා ගෙන අදාළ සිරකරුවන් ඒ වෙත ගෙන යාමේ වැඩපිළිවෙළක් සකස් කරමින් ඇති බවද ඔහු සඳහන් කළේය.
The post එල්ලා මැරීමට නියම වූ සිරකරුවන් දුපතකට. appeared first on Lanka News Column.

0 Comments