කොරෝනා වෛරසයට මුහුණ දෙමින් රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා යොදවා ඇති ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් රජය අනුගමනය කරන වැඩපිළිවෙළ පිළිබඳ කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි. රටේ නීතිය, රණවිරුවන්ගේ වෘත්තීය ගෞරවය ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට වහා පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින ඒ මහතා ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය දැඩි අවධානයකින් පසුවන බව ද සඳහන් කරයි. මාධ්‍යය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා එසේ කියා සිටියේය.

0 Comments