Ticker

6/recent/ticker-posts

Header Ads Widget

99 දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව ලිඛිත ව දන්වා නෑ

සමඟි ජනබලවේගය හා සම්බන්ධවූවන් 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව සඳහන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය මේ දක්වා කිසිවෙකුට ලිඛිතව දැනුම් දී නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව 'දිනමිණ' කළ විමසීමකදී ඒ මහතා මේ බව පැවසීය.

පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව සඳහන් ලිපි නොලැබීමෙන් සමඟි ජනබලවේගය ගන්නා නීත්‍යානුකූල පියවර කල් යන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. කෙසේ වුවද සාමාජිකත්වය අහෝසි කිරීමට අදාළ ලිපි මේ වන විට ලියාපදිංචි තැපෑලට දමා අවසන් බවත් සමඟි ජනබලවේගයේ පිරිස් අදාළ ලිපි ලැබී නොමැති බව පැවසීම සත්‍ය තත්ත්වය නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්වයේ ප්‍රකාශකයෙක් 'දිනමිණ'ට පැවසීය.

ශිවන්ති ප්‍රනාන්දු

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();