අද (13) උදෑසන 10.00 වන විට තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 56 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1252 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ 1880 දෙනෙක්ද මෙරටින් හඳුනාගෙන තිබුණි. මේ අතර අසාදිත පුද්ගලයින් 617 ක් අද වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
0 Comments