
යුරෝපා පාපන්දු ලීගයේ සභාපති ලාස් ක්‍රිස්ටර් ඔල්සොන් ප්‍රකාශ කරන්නේ කොවිඩ් වසංගතය හමුවේ බිඳ වැටුණු ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාව නැවත ගොඩනැගීමට තවත් වසර දෙක තුනක් පමණ ගත වනු ඇති බවයි. පවතින වසංගත තත්ත්වය ලොවෙන් තුරන් වන කාලවකවානුවක් අනුමාන කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අසමත්ව සිටින අවස්ථාවේ 2022 කටාර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි ඔහු පවසන්නේ. මේ වන විටත් බිඳ වැටී ඇති පාපන්දු කැලැන්ඩරය යළි සැකසීමට ගත විය හැකි කාලය වසර දෙක තුනක් බවයි ඔහුගේ අදහස වන්නේ. එම කාලයේදී තවත් ජාත්‍යන්තර පාපන්දු තරගාවලි රැසක් අවලංගු විය හැකි බව ද ඔහු සඳහන් කරයි.
යුරෝ 2020, යුරෝ 2021 මෙන්ම තවත් ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු තරගාවලි රැසක් මේ වනවිටත් අවලංගු වන හෝහෝ කල් දැමෙන සිදුවන තත්ත්වයකට පත්වී තිබේ. එවැනි අවිනිශ්චිත පසුබිමක වූවත් යළිත් පාපන්දු ක්‍රීඩාව ඉහලට එසවීමට සිදුවී ඇතැයි මාධ්‍ය හමුවේදී සභාපතිවරයා පැවැසීය.
යුරෝපා පාපන්දු තරග කාල සටහනේ මේ වන විටත් ඉතිරිව ඇති තරග ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට අදහස් කරන බව කී සභාපති ලාස් ක්‍රිස්ටර් ඔල්සොන් ඉන් ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාව යළි ගොඩ නැගීමට අත්වැලක් සපයනු ඇතැයි විශ්වාසය පළ කළේය.
“හැබැයි ඊට සෞඛ්‍ය අධිකාරින්ගේ අවසර ලැබේවදැයි සැකයි. කොවිඩ් වසංගතයේ පැතිරයාම තව දුරටත් බරපතළ නම් නිසැකවම ජාත්‍යන්තර පාපන්දු කැලැන්ඩරය සපුරා අලුත් කරන්න අපිට සිද්ධ වෙනවා…” යි සභාපති ලාස් ක්‍රිස්ටර් ඔල්සොන් ප්‍රකාශ කළේය.
The post පාපන්දු ගොඩගැනීම ලේසි නැහැ appeared first on Lanka News Column.

0 Comments