මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ලූනු කිලෝ 400 ක් සමග ජංගම වෙළදාමේ යෙදෙන පුද්ගලයෙක් ඊයේ(1) සැකපිට අත්අඩංගුවට ගත් බව හපුතලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. සුදර්ශන් මහතා පැවසීය.
හපුතලේ වතු ආශ්‍රිත ප්‍රදේශවලට බෙදා හැරීම සඳහා ගබඩා කර තිබූ මෙම බී ලූනු තොගය හපුතලේ නගරයට නුදුරු ස්ථානයක දී ලොරියක පටවා තිබිය දි අත් අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී බී ලූණු තොගය බෙහෙවින් නරක් වී තිබු බව පැවසු හපුතලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. සුදර්ශන් මහතා සඳහන් කලේ සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

0 Comments