Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද උදේ මැකෝ පිරිස හමුවෙයි

මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද(02) පැවැත්වීමට නියමිතයි.

අද පෙ.ව. 11.15ට මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි කොමිසමේ නියෝජිතයෙකු සඳහන් කළේ.

මැතිවරණය පැවැත්විම ජුනි 20 වන දින දක්වා කල් දැමිමෙන් අනතුරුව කොමිසමේ නියෝජිතයින් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවන දෙවන අවස්ථාව මෙය වෙයි.

මේ අතර මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සඳහා අංක ලබාදිමේ කටයුතු හෙට(03) දිනයේ දී සිදුකිරීමට නියමිතව තිබේ. මෙලෙස අංක ලබාදීම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කිරීමක් ලෙස සැලකෙන බවයි පැවසෙන්නේ.

වෛරස ව්‍යාප්තිය හමුවේ රැස්වීම් ජනහමු පැවැත්වීම පිළිබඳ ඉදිරියේ දී මැතිවරණ කොමිෂන් සභාව විසින් මාර්ගෝපදේශන මාලාවක්ද ඉදිරිපත් කිරීමට නියමිත තිබේ.

The post අද උදේ මැකෝ පිරිස හමුවෙයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();