ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID හරහා ඇ.ඩො. මිලියන1.3ක මුදලක් මෙරට සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාවට සහ ආසාදන වැළැක්වීම හා පාලනය තුළින් වෛරස ව්‍යාප්තියේ වේගය බාල කිරීමට ඇමරිකා එක්සත් ජනපදය වෙතින් මෙරටට ලබා දී තිබේ.
අවසන් පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරු ජයසුරියගේ නිලධාරිවරයෙකු සඳහා වැටුප් ගෙවීම සම්බන්ධයෙන් මෙම USAID ආයතනය අවධානයට ලක්විය.
මෙම ඇමරිකානු පිළිබඳව සිය අදහස් දැක්වූ මෙරට ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටිප්ලිට්ස් පැවසුවේ “ඉතාමත් දුෂ්කර අවස්ථාවලදී පවා ඇමරිකාවත් ශ්‍රී ලංකාවත් හවුල්කරුවන් හා මිත්රයින් වශයෙන් එකිනෙකාට සහාය ලබාදෙනවා. මෙවැනි ගෝලීය වසංගතයක් අබිමුව පවා ශක්තිමත්ව පවතින අපගේ චිරස්ථායී සම්බන්ධතාවය මේ ආධාරයෙන් පිළිබිඹු වෙනවා. අතීතයේ මෙන්ම අපි COVID-19 වෛරසයට එරෙහිව සටන් කිරීමේ දී ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය වන වැදගත් උපකාර ලබාදීමට හැකිවීම පිළිබඳව ආඩම්බර වෙනවා.” යනුවෙනි.
USAID හරහා කළ මෙම මුදල රූගයට අදාළ සිදුවීම් සොයාගැනීමට හා සිද්ධි-පාදක ආවේක්ෂණයටත, තාක්ෂණික විශේෂඥයින් විසින් සිදුකරනු ලබන ප්‍රතිචාර දැක්වීම් හා සූදානම, අවදානම සන්නිවේදනය, ආසාදන වැළැක්වීම හා පාලනය ඇතුළු කාර්යන් ඉලක්ක කරගනිමින් සිදුකර තිබේ.
එලෙසම මහා පරිමාණයෙන් COVID-19 පරීක්ෂාවන් සිදුකිරීම සඳහා මෙරට විද්‍යාගාර සූාදනම් කිරීමට ද ඇමරිකාව සහාය ලබාදෙන බව ප්‍රකාශිතයි. ඇත. එවන් උපකාර අවශ්‍ය කරන වෙනත් ප්‍රමුඛතා අංශ අංශ කවරේදැයි හඳුනාගැනීමට ඇමරිකාව ශ්‍රී ලංකා රජය හා පාර්ශවකරුවන් සමඟින් සම්බන්ධීකරණය කරනු ලැබනූ ඇතිබව තානාපතිනිය පැවසුවාය.
The post USAID සහයෙන් ඇමරිකාවෙන් ඩොලර් appeared first on Lanka News Column.
0 Comments