Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විදෙස් නාවිකයෙකු ජාතික රෝහලට

විදෙස් වෙළඳ නෞකාවක් වන Maersk Avon නෞකාවේ රාජකාරි සිදු කරමින් සිට හදිසියේ උදරයේ වේදනාවක් ඇතිවූ නාවිකයෙකු නාවික හමුදාව විසින් ආරක්‍ෂිතව කොළඹ වරායට රැගෙනවිත් තිබේ.

ඉන්දියානු සමාගමකට අයත් මෙම නෞකාවේ රාජකාරි කරමින් සිටි නාවිකයෙකු හදිසියේ උදරාබාධයේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් ඔහුව ප්‍රථිකාර සඳහා යොමු කිරීමට ගොඩබිමට ඉල්ලා ඇත්තේ නෞකාව වෙත සේවාවන් සපයන දේශීය සමාගම විසිනි. Feeder Agencies Lanka (Private) Limited නම් වූ එම සමාගම ජාත්‍යන්තර නැව් සහ වරාය පහසුකම් ආරක්ෂාව පිලිබඳ කාර්යාලය (ISPS) වෙතින් මෙලෙස ඉල්ලා තිබේ.

මන්දීකර් නාමිත් සිද්දප්පා නැමති අවුරුදු 38ක් වන ඉන්දියානු ජාතිකයෙකු මෙලෙස කොළඹ වරාය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරෙ තිබේ.

මෙහිදී, කොළඹ වරාය‍ට මුහුදු සැතපුම් 05 ක‍් පමණ ආසන්නයට පැමිණි එම නෞකාව වෙත ලගා වූ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් එම රෝගී නාවිකයා අදාළ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ගොඩබිමට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත. පසුව ඔහු නැවතත් වරාය පරිශ්‍රය තුළදීම පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමෙන් අනතුරුව ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහල වෙත යොමු කර තිබේ.

The post විදෙස් නාවිකයෙකු ජාතික රෝහලට appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();