Ticker

6/recent/ticker-posts

Header Ads Widget

PHI - 12 දෙනෙක් ස්වයං නිරෝධායනයේ

කොළඹ මහ නගර සභාවේ මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 12 දෙනෙකු රාජකාරීවලින් ඉවත් වී තිබේ

ඒ ඔවුන් දින 14 ක ස්වයං නිරෝධායනයකට යොමුවීම හේතුවෙන්.

කොරෝනා වෛරසය වැළඳි ඇත්දැයි සොයාබැලෙන PCR පරීක්ෂාවක් සඳහා යොමු වීමට එම පිරිස කළ ඉල්ලීමක්, බලධාරීන් ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බව ද සදහන්.

කොළඹ නගර සීමාවේ කොරෝනා මර්දන රාජකාරී සඳහා කි‍්‍රයාකාරීව දායක වූ තම කණ්ඩායමට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සැකයක් මතුව ඇති බැවින් දැඩි මානසික ආතතියකට ලක්ව ඇති බව එම පිරිස කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත දැනුම් දී තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();