Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පිලිපීනයේ නිරෝධායනයට නාවොත් වෙඩි තබන්න නියෝග

කොරෝනා මර්දනයට පිලිපීනය තුළ ක්‍රියාත්මක කර ඇති නිරෝධායන වැඩපිළිවෙළට සහාය නොදක්වන පුද්ගලයන්ට වෙඩි තබා මරා දමන ලෙස එරට ජනාධිපති රොඩ්‍රිගො ඩුටරෙට් විසින් පොලිසියට නියෝග කර තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පිලිපීනයේ ඇතැම් ප්‍රදේශ වසා දැමීමේ දී ඊට විරුද්ධව ජනතාව කටයුතු කළ නිසා රූපවාහනි මාධ්‍ය ඔස්සේ ජනතාව අමතමින් ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශය කර තිබේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලමින් මැනිලා නුවර ජනතාව පෙරේදා (01) උද්ඝෝෂණයක නිරත ව ඇති අතර ඉන් අනතුරුව ජනාධිපතිවරයා මෙසේ ජාතිය අමතා තිබේ.

මේ වන විට පිලිපීනයෙන් කොරෝනා මරණ 107 ක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 2633 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ක්‍රිසාන්ති විතාරණ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();