Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ ගැටලු සාකච්ඡා කරන්න අගමැතිගෙන් කැඳවීමක්

කොරෝනා මර්දන කටයුතුවලින් ඉවත් වන බවට අනතුරු ඇඟවීමක් සිදු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැඳවීමක් කර ඇතැයි තොරතුරු සහ සංනිවේදන තාක්‍ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්‍ෂණ සහ නවෝත්පාදන ඇමැති, සම කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

කොරෝනා මර්දන මෙහෙයුම් සඳහා එක්ව සිටින සිය නිලධාරීන්ට අවම පහසුකම් හෝ සැපයීමට රජය කටයුතු නොකරන්නේ නම් ලබන 04 වැනිදා සිට එම කටයුතුවලින් ඉවත් වන බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (02) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ විට ඇමැතිවරයා මේ බව පැවසීය.

අගමැතිවරයා ඔවුන්ට සාකච්ඡාවක් සඳහා ආරාධනා කර ඇති බවත් පවතින ගැටලුවලට විසඳුම් ලබාදීමට රජයක් ලෙස කඩිනමින් මැදිහත් වන බවත් ඒ මහතා කියා සිටියේය.

යම් යම් අඩුපාඩු තිබුණ ද සියලු දෙනා එක්ව මරණයෙන් ජීවිත ගලවා ගැනීමට කටයුතු කළ යුතු බවත් යම් ප්‍රශ්නයක් හෝ ගැටලුවක් තිබේ නම් සාකච්ඡා මාර්ගයෙන් එය විසඳා ගත හැකි බවත් ඇමැතිවරයා කීවේය.

සිතාරා සේනානි සහ නුවන් කොඩිකාර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();