කොරෝනා වෛයිරසය ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවයට පත්වි විදේශ රටවල සිටින විගමණික ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදෙස් මත පහසුකම් ලබාදීමේ වැඩසටහන යටතේ ඩුබායි හා උතුරු එමිරේට්ස් හි ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන්ට වියලි අහාර ලබාදීම තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන අංශය විසින් පසුගියදා සිදුකරන ලදි.
මෙහිදි එමිරේට්ස්, ඩුබායි. සාජා, රෝයල් කායිමා, අජ්මාන් වැනි ප්‍රදේශවල සිටින විගමණික ශ්‍රමිකයන්ට වියලි අහාර ලබාදීමට කඩිනමින් කටයුතු යොදා තිබිණි. කර්මාන්ත ශාලා තාවකාලිකව වසා දැමිම නිසා අපහසුතාවයට සිටින ශ්‍රමිකයන් හා නිති විරෝධිව රැදිසිටින ශ්‍රමිකයන්ට මේ අනුව වියලි අහාර ලබාදීම මෙසේ සිදුකර තිබේ.
මෙම අවස්ථාවට ඩුබායි හා උතුරු එමිරේට්ස් තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන අංශය භාර කොන්සල් ජනරාල් ඉන්දිරා පතිනායක මහත්මිය ඇතුළු තානාපති අංශයේ නිලධාරින් එක්වි සිටියහ.

0 Comments