Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහර බන්ධනාගාරය චිත්‍රපටි පෙන්වයි .

 බන්ධනාගාර   තුලට කොරෝනා  වෛරසය  ව්‍යාප්ත  වීම පාලනය කිරීම සදහා බන්ධනාගාර  තුල විවිධ ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ඇත. ඒ අනුව රැදවියන්ගේ  ආරක්ෂාව සදහා ඥාතීන්ට සහ අමුත්තන්ට බන්ධනාගාර රැදවියන්  බැලීමට ඇති අවස්ථාව තාවකාලිකව අත්හිටුවා ඇති අතර   පිටතින් ආහාර පාන ආදිය ගැනීමද  මේ වනවිට  නවතා දමා ඇත.
මෙවැනි තත්වයක් යටතේ  පවතින කොරෝනා  වසංගතය හමුවේ බාහිර පාර්ශවයන්  සමග කිසිදු සහසම්බන්ධයක් නොමැතිව සිරමැදිරි වලට සිමාවී සිටින රැදවියන්ගේ  මානසික සුවය වර්ධනය කිරීමට සහ ඔවුන්ගේ රසඥතාව වැඩිදියුණු කිරිමේ අරමුණින් මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ ගේ  සංකල්පයක් අනුව රැදවියන් වෙනුවෙන් චිත්‍රපට ප්‍රදර්ශනය කිරිමේ වැඩසටහන පසුගියදා මහර බන්ධනාගාරයේදී ආරම්භ විය..
බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන  වීරසිංහ ගේ උපදෙස් මත මහර බන්ධනාගාර
සහකාර අධිකාරි එච්.එම්.පි. හෙන්නනායක , ප්‍රධාන ජේලර්  සුභාෂ් උපුල්දෙනිය යන අයගේ උපදෙස්මත  පුනරුත්ථාපන අංශයේ අධික්ෂණය යටතේ දිනකට දර්ශණ වාර දෙක බැගින් දිනපතා ⁣මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සියළුම රැදවියන්  වෙනුවෙන් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති අතර විවිධ තේමා ඔස්සේ  නිර්මාණය  වු දේශිය  මෙන්ම විදේශීය සම්භාව්‍ය  චිත්‍රපට රැසක් මෙහිදි ප්‍රදර්ශනය කිරිමට නියමිතය.
කුසුම් එස් හැන්නදි
13/04/2020

The post මහර බන්ධනාගාරය චිත්‍රපටි පෙන්වයි . appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();