කොළඹ 12, කෙසෙල් වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය තුරන් වෙමින් ඇති බව පෙනී යන්නේ යැයි කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ. චන්ද්‍රපාල මහතා සඳහන් කරයි.
පෙරේදා දිනයේ පුද්ගලයන් 160 දෙනකුට කොරෝනා පරීක්‍ෂණ කලද කිසිම අයකුට වෛරස ආසාදන වී නැති බව හෙළිවූ බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් ගෙනගොස් නිරෝධායන කඳවුරැවල රඳවා සිටින පුද්ගලයන්ගෙන් තවදුරටත් ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ.
මෑත කාලයේ මෙරට වැඩිම ව්‍යාප්තියක් දක්නට ලැබුණේ කොළඹ කෙසෙල් වත්ත ප්‍රදේශයෙනි.


0 Comments