Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ධවල මන්දිරයෙන් බිය මුසු ඉලක්කමක්

ඇමෙරිකාවේ ගත වූ පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 865ක් වාර්තා විය. ඉන් අනතුරුව නිවේදනයක් නිකුත් කළ ධවල මන්දිරය අනතුරු හඟවමින් පවසා ඇත්තේ වෛරසය හේතුවෙන් අමෙරිකාවේ පුද්ගලයින්  250,000කට ආසන්න පිරිසක් මිය යා හැකි බවයි. එහෙත් මිට පෙර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ ව්‍යසනය හේතුවෙන් ඇමරිකාව තුළ 100,000ක් දෙනා මිය යාහැකි බවයි.

වෛරසය ව්‍යාප්තිය ආරම්භ විමෙන් අනතුරුව පැය 24ක කාලයක් තුළ එරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව සිදුවුයේ ඊයේ බවයි  සදහන් වන්නේ.

වෛරසය හේතුවෙන් ඇමෙරිකාවේ සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව ඊයේ වන විට 3873ක් දක්වා ඉහළ ගොස් ඇත. වෛරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ද පත්ව ඇති ඇමෙරිකාව, එරට තුළ මේ වන විට වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ සිදු වූ මුළු මරණ සංඛ්‍යාව ද ඉක්මවා ගොස් ඇත.

The post ධවල මන්දිරයෙන් බිය මුසු ඉලක්කමක් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();