Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මීටරේ නැති කඩවත පොලීසිය

කොරෝනා හෙවත් covid – 19 වෛරසය සමාජය තුළ පැතිර යාම උපරිමයෙන් වළකා ගැනීමට සමාජය තුළ පුද්ගල පරතරය පවත්වාගෙන යන ලෙස නිරතුරුව දැනුම් දෙනු ලැබේ. දෙදෙනකු අතර පරතරය මීටරය දුරක් වියයුතු බව නිරතුරුව අවධාරණය කරයි. විශේෂයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණත් ඒ බව පවසයි.

එහෙත් ඒ ප්‍රකාශ නෑසූ කන්ව සිටින කඩවත පොලිස් ස්ථානය ඉදිරිපිට අද (අප්‍රේල් 1) පෙරවරුවේ දර්ශනයක් කියා පෑවේ පොලීසිය ඉදිරිපිට එකී ‘සමාජ දුරස්බවේ මීටරය’ අදාළ නොවන බවයි . විශේෂයක් වන්නේ අධි අවදානම් කළාපයක් ලෙස නම් කළ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ මෙම පොලිස් ස්ථානය පිහිටා තිබීමයි. ඇදිරි නීතිය කිසිසීත් ඉවත් නොකළ එම දිස්ත්‍රික්කයෙහි පිහිටි මෙම පොලිස් ස්ථානය ඇත්තේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා කඩවත මංසන්ධිය අසලම වීම තවත් විශේෂත්වයකි.

The post මීටරේ නැති කඩවත පොලීසිය appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();