
සිදුකළ PCR පරීක්ෂණ වලින් කොරෝනා ආසාධිත පුද්ගලයින් දෙදෙනෙක් නාරාහේන්පිට, දාබරේ මාවත ප්‍රදේශයන් හදුනා ගැනීමත් සමග එම ප්‍රදේශ හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ . මිට පෙරද දාබරේ මාවතෙන් එක් කොරෝනා රෝගීයෙක් වාර්තා වී තිබුණු බවත් ඒ හේතුවෙන් දින දෙකක කාලයක් සිදුකළ PCR පරීක්ෂණ මගින් මෙම රෝගීන් දෙදෙනා සොයා ගැනීමට හැකිවූ බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි .
මිට අමතරව ටොරිංටන්, 60 වත්ත ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාධිතයෙක් වාර්තා වී ඇත . ඔහු බණ්ඩාරනායක මාවතේ සිට පැමිණ එම වත්තේ රැඳී සිට ඇත. . මීට අමතරව හැව්ලොක් ලේන් හී පදිංචිකරුවෙක් වන කොළඹ මහ නගර සභාවේ පවිත්‍රතා අංශයේ සේවකයෙක්ටද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හදුනාගෙන ඈත .
The post කොළඹ තවත් මාවතක් හුදෙකලා කෙරේ . appeared first on Lanka News Column.

0 Comments