Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ටෙනිස් මධ්‍යස්ථානම රෝහලක්

ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලිය පැවැත්වීමට සුදානම් කර තිබූ නිව්යෝර්ක් හි බීලි ජින් කිං ජාතික ටෙනිස් මධ්‍යස්ථානය මේ වන විට කොරෝනා වෛරස් ආසාදිතයන් සඳහා වන තාවකාලික රෝහලක් බවට පත් කර තිබේ.

නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ ඇමෙරිකාවෙනි.

නිව්යෝක් නුවර නගරාධිපති බ්ලැසියෝ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළ අතර ගෘහස්ථ ටෙනිස් පිටියේ රෝගීන් සඳහා ඇදන් 350ක් සකස් කර තිබේ.

ඒ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වන රෝගීන් සඳහන් ප්‍රතිකාර කිරීමට මැන්හැටන් ජොකොබ් ජාවිට්ස් සම්මන්ත්‍රණ ශාලාවේද ඇදන් 1000කින් සමන්විත රෝහලක් ලෙස සකස් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. පසුගිය දා මැන්හැටන්හි උද්‍යානයක්ද රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ඇදන් 68කින් සමන්විත රෝහලක් ද සකස් කර තිබේ.

The post ටෙනිස් මධ්‍යස්ථානම රෝහලක් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();