Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජස්ටින්ට පුළුවන් කියයි

නව කොරෝනා වෛරසය හේතුවෙන් 2021 කල් දැමූ ජපානයේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙලදී මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමේ හැකියාව තමන්ට පවතින බව ඇමෙරිකාවේ කෙටි දුර ධාවන ශූර ජස්ටින් ගැට්ලින් පවසයි.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල කල්දැමීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජස්ටින් ගැට්ලින් මෙවන විට 38 හැවිරිදිය. මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා තමන් කායිකව සහ මානසික මනා පුහුණුවකින් සිටි බව ඔහු විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබේ.

එහෙත් ක්‍රීඩා උළෙල ලබන වසර දක්වා කල්දැමීම තමන්ට කිසිසේත් ගැටලුක් නොවන බවත් ලබන වසර වන විට 39 වියට පාතැබුවද මීටර් 100 ධාවන ඉසව්වේ රන් පදක්කම තමන්ට දිනා ගැනීමට හැකියාවක් පවතින බවත් ඔහු එම මාධ්‍ය හමුවේදී සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන වසර දක්වා කල් දැමීම හේතුවෙන් පුහුණුවීම් සඳහා තවත් කාලයක් ලැබුණු බවත් තම දක්ෂතාවය වැඩිදියුණු කර ගැනීමට එය තවත් අවස්ථාවක් බවයි ජස්ටින් ගැට්ලින් සඳහන් කරන්නේ.

වයස අවුරුදු 40ක් වන තෙක් ලොව ඕනෑම තරුණ ධාවකයෙකු හට අභියෝග කිරීමට තමන්ට හැකියාවක් ඇති බවද ඔහු පවසයි.

ජස්ටින් ගැට්ලින් 2004 වසරේ ඇතෑන්ස් නුවර පැවැති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 100 රන් පදක්කම දිනා ගැනීමට  සමත් වු අතර 2017 වසරේ ලන්ඩන් නුවර පැවැති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී එම ඉසව්වේ රන් පදක්කමද දිනා ගත්තේය.

The post ජස්ටින්ට පුළුවන් කියයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();